ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුවත් කෙරේ

ග්‍රාමීය  දිළිඳු බව තුරන් කර සමාජය සවිබලගැන්වීමේ මෙහෙයුමක් වන ප්‍රජා  ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා  සංවර්ධන කමිටු සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා  සවිබලගැන්වීම් ගරු අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල සණස කැම්පස්හිදි ඊයේ (29) පැවැත්විණි.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා වන ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම, ඩිජිටල් ආර්ථිකය, Clean sri lanka යන කුලුණු තුන යටතේ  ක්‍රියාත්මක  ප්‍රධාන වැඩසටහන් අතර දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන සැලකේ.

වර්තමානය වන විට මුළු ජනගහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක්  ග්‍රාමිය හා වතු ආශ්‍රිත ජනතාව බවත් මෙහි දී අවධාරණය කෙරිණි. එම අන්ත දරිද්‍රතාවය  තුරන් කිරීම සදහා සක්ක්‍රියව  දායක  විම  සඳහා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ප්‍රජා සංවර්ධන සභා (CDC) සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීම මෙහිදි කෙරිණි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ ප්‍රජා සංවර්ධන කාරක සභාවේ සභාපති බවට පත්වන අතර, ග්‍රාම  නිලධාරී වසමේ සේවය කරන ප්‍රජා සංවර්ධන නිලධාරී නිල බලයෙන් එහි ලේකම් ධූරයට පත්වේ. තවද මෙහි සාමාජිකයින් ලෙස ග්‍රාම  නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර යන අයගෙන් සැදුම්ලත් ප්‍රජා සංවර්ධන කාරක සභාවත්, සාමාජිකයන් 10 -15 අතර පිරිසකගෙන් යුතු ප්‍රජා  නියෝජිත කණ්ඩායමත්, උපාය මාර්ගික සාමාජික පිරිසක්  ඇතුළත්ව ප්‍රජා  සංවර්ධන සභාව ක්‍රියාත්මක වේ.

මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති  පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා  සවිබල ගැන්වීම්  අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා,   ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කපිල ගුණරත්න මහතා ,  ප්‍රාදේශිය ලේකම් වරුන් දිස්ත්‍රික් සැලසුම්  අධ්‍යක්ෂ ඉන්දිකා සේනාරත්න මහත්මිය ඇතුළු  සැලසුම් අංශයේ නිලධාරීන් ඇතුළු  පිරිසක් සහභාගි වුහ.

END/GONP/MMP/30012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed