විදුලි මෝටර් රථ අලෙවිය පෙට්‍රල් රථ අභිබවා යයි – නිෂිකා හංසනී

යුරෝපා සංගමයේ රටවල වාහන වෙළඳපොළ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මසදී පළමුවරට විදුලි මෝටර් රථ අලෙවිය පෙට්‍රල් රථ අලෙවිය අභිබවා ගොස් තිබෙනවා.

යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය විසින් නිකුත් කළ දත්ත අනුව බැටරි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ලියාපදිංචිය 17.4%ක් ප්‍රතිශතයක් වන අතර Plug-in hybrid මෝටර් රථ 9.4%ක් සහ Hybrid මෝටර් රථ 34.5%ක ප්‍රතිශතයකින් ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව සමස්තයක් ලෙස මෙම සියල්ලේම ලියාපදිංචි කිරීම් ප්‍රතිශතය 61%ක් බවයි වාර්තා වන්නේ.

මීට හේතුව ලෙස දැක්වෙන්නේ ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් විදුලි වාහන මිලදී ගන්නන් සඳහා විශාල බදු සහන සහ ප්‍රසාද දීමනා ලබාදීමයි.

එම කාලය තුළ පෙට්‍රල් රථවල ලියාපදිංචිය 22.5% ක් දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම ටෙස්ලා වැනි සමාගම් අභිබවමින් BYD වැනි චීන සමාගම් යුරෝපීය වෙළඳපොළ තුළ 200% කට වඩා වැඩි වර්ධනයක් ලබා ගැනීම විශේෂත්වයක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed