ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක් – නිෂිකා හංසනී

ප්‍රදේශ රැසක මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇති කුඹුරු ආශ්‍රිතව ගොයම් පත්‍ර කහවීමේ රෝගයක් පැතිරයමින් පවතින බවට වාර්තා වෙයි.

ඇතැම් ගොවීන් චෝදනා කරන්නේ හානිවූ සිය වගාබිම් නිරීක්ෂණය කිරීමට හෝ අවශ්‍ය සහාය ලබාදීමට කෘෂි නිලධාරීන් නොපැමිණි බවය.

අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උදයගිරිය වළගම්පුර ඇතුළු ප්‍රදේශවල ගොයම කහ පැහැගැන්වීමේ රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා කළේය.

ගොවීන් පවසන්නේ එම වාර්තා කිරීමෙන් පසු බතලේගොඩ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පැමිණ හානිවූ ගොවිබිම් නිරීක්ෂණය කළ බවය.

කෙසේවෙතත් එහිදී කුඹුරු හානිවීම සම්බන්ධයෙන් නිලධාරීන් දැක්වූ කරුණු පිළිගත නොහැකි බව ගොවීන් පවසයි.

ඒ සම්බන්ධයෙන් අම්පාර උහන ගොවීන් පවසා සිටියේ, “මේවා යට වෙන කුඹුරු නෙමයි.  මේ යායේ අනිත් පැත්තේ කුඹුරු හොඳයි. මේ ටිකට වෙනසක් වෙන්න විදිහක් නැහැනේ. මේ තියෙන්නේ ගොයමේ ලෙඩක්. මේ ලෙඩේට විසඳුමක් හොයාලා දීලා සාධාරණ වන්දියක් දන්න. බෙහෙත් ගෙනල්ලා ගහලා තියෙනවා. කුඹුරු විනාශ වෙද්දි ජීවත්වෙන්නේ කොහොමද ?” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed