ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ – 27 දා, පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී එක් වෙමිනි.

ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය සහ සංස්කෘතික වශයෙන්ද දියුණු වූ රටක් ගොඩනැගිය යුතු බවත්, සමාජය තුළ ගිලිහී යන සියලු සදාචාරාත්මක ගුණාංග යළි කැඳවාගෙන ඒම වෙනුවෙන් රටේ සියලු ක්ෂේත්රයන්හි නව පුනරුදයක් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එහිදී ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සබැඳියාව යළි තහවුරු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කර දීමේ වගකීම රජය ඉටු කරන බවද සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනඟන අතරම ග්රාමීය ප්රදේශවල ආර්ථික අපහසුතා ඇති සහ අනෙකුත් දුෂ්කරතාවලින් පෙළෙන තෝරාගත් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රජයෙන් දායකත්වය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මාතලේ නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුරින් මාතලේ දඹුල්ල ප්රධාන මාර්ගයටත් මාතලේ ගලේවෙල මාර්ගයටත් අතර පිහිටි ඓතිහාසික කවටයාමුණ රජ මහා විහාරය සමස්ත බෞද්ධ ජනතාවගෙත්, විදෙස් බැතිමතුන්ගෙත් ගෞරවාදරයට බඳුන් වූ අතිපූජනීය විහාරස්ථානයකි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාතලේ දිස්ත්රික්කයේ ආගමික සිද්ධස්ථාන 51කට පුර්ණ හානි සහ අර්ධ හානි සිදු විය. එම ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ සහ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කවටයාමුණ පුරාණ රජමහා විහාරයේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මල්වතු පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්රධාන සංඝනායක පූජ්ය මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්රධාන සංඝනායක පූජ්ය කොස්ගොල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පූජ්ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කවටයාමුණ රජමහා විහාරාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු පූජ්ය උඩුමුල්ලේ සුමන නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ පළාතේ මහා සංඝරත්නයද, මෙහෙණින් වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක, මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සුනිල් බියන්විල, දිනේෂ් හේමන්ත, දීප්ති වාසලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර, මාතලේ දිස්ත්රික් ලේකම්, ප්රාදේශීය ලේකම්වරු, රාජ්ය නිලධාරීහු සහ ප්රදේශවාසී ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
END/GONP/MMP/28012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed