කටුනායක ගුවන්තොටේ අද සිට විවෘත වෙන E-Gate – හිරුණි ලක්ෂිකා

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉලෙක්ට්‍රොණික ගේට්ටු  හතරක් මෙලෙස විවෘත වන බවයි.

ජපාන රජයේ අධාර මත මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අති බව සඳහන්ය.

මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ  හැකියාව පවතින බවඳ ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed