ඉන්දියාවේ මාරාන්තික ‘නිපා’ වෛරස් අවදානම: ආසියානු ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කෙරේ – හිරුණි ලක්ෂිකා

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වන මාරාන්තික නිපා (Nipah) වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක් සිය ගුවන් තොටුපළවල පරීක්ෂණ කටයුතු දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ 196 දෙනෙකු පමණ මේ වන විට පරීක්ෂාවට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව, බටහිර බෙංගාලයේ සිට ගුවන් යානා පැමිණෙන ගුවන් තොටුපළ තුනක මගීන් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

කත්මන්ඩු ගුවන් තොටුපළ සහ ඉන්දියාව සමග පවතින ගොඩබිම් සීමා හරහා මෙරටට ඇතුළු වන පුද්ගලයන් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් කොවිඩ්-19 සහ සීකා වැනි වසංගත තත්ත්වයක් ඇති කළ හැකි භයානක රෝග දහය අතරට නිපා වෛරසය ද ඇතුළත් කර තිබෙනවා.

පළතුරු වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට ද, පසුව මිනිසාගෙන් මිනිසාට ද (විශේෂයෙන් ආසාදිත ආහාර හරහා) වෛරසය පැතිර යා හැකියි.

උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව මූලික ලක්ෂණයි.

දරුණු අවස්ථාවලදී නිව්මෝනියාව සහ මොළය ඉදිමීම (Encephalitis) වැනි මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන්.

මෙයට එරෙහිව මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර, ආසාදිතයන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් පවතිනවා.

වෛරසය ශරීරගත වී රෝග ලක්ෂණ මතු වීමට දින 4 සිට 14 දක්වා කාලයක් ගත විය හැකි බැවින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන මගීන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed