FCIDයට අද එන්න බැරි බව ශිරන්ති කියයි: ප්‍රශ්න කිරීම් සඳහා සති දෙකක කාලයක් ඉල්ලයි – හිරුණි ලක්ෂිකා

පුද්ගලික හේතූන් මත තමන්ට අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින බවයි.

ඇයට අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම්දීමක් කර තිබුණේ.

ඒ, සිරිලිය ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචාවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළ විමර්ශනයක් සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed