මරදන්කඩවල රිය අනතුරක්: විදේශිකයින් 2ක් ඇතුළු 9ක් රෝහලේ – ඉන්දීක රංගජිව
යාපනය මහනුවර මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් විදේශික සංචාරකයින් දෙදෙනෙකු ඇතුළු 9 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ගමන් ගත් විදේශිකයින් දෙදෙනා රැගත් මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනා ජර්මන් ජාතිකයන් බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් විදේශිකයන් රැගත් මෝටර් රථයේ රියදුරු සහ වෑන් රථයේ සිටි පස් දෙනෙකු ද තුවලා ලබා තිබෙනවා.
තුවාලකරුවන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිදුවීම සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
