අකුරණ අස්හර් ජාතික පාසැලට හය වසරට තම දරුවන් ඇතුලත් කර නොගැනීමට විරෝධය දක්වමින් තෙළඹුගහවත්ත විදුහලේ දෙමාපියන් සිසුන් උද්ඝෝෂණයක – මොහොමඩ් ආසික්

කටුගස්‌තොට අධ්‍යාපන කලාපයට අයත්  අකුරණ තෙළඹුගහවත්ත ප්‍රාථමික විදුහලෙන් හය වන වසරට සමත්වූ  සිසුන් අකුරණ අස්හර් ජාතික පාසැලට ඇතුලත් කර  නොගැනීමට විරෝධය දක්වමින් සහ  තෙළඹුගහවත්ත විදුහලේ දෙමාපියන්, ප්‍රදේශවාසින්, සිසුන් ඇතුළු විශාල පිරිසක් අද 26 වනදා  විරෝධතා උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම විරෝධතා උද්ඝෝෂණයට එක්වූ  දෙමාපියන් සඳහන් කරන්නේ තෙළඹුගහවත්ත පාසැල ආරම්භ වූ දා පටන්  විදුහලේ අධ්‍යාපන සීමාව අවසන් වීමෙන් පසුව සියලු සිසුන් අකුරණ අස්හර් ජාතික පාසැලට ඇතුලත් කරගත් බවයි .  නමුත් මෑතක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති  ලිපියක් මගින් තෙළඹුගහවත්ත මුස්ලිම් විදුහල අස්හර් ජාතික පාසැලේ පෝෂණ පාසැල් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව පෙනී යන බවත් ඔවුහු කියති. මෙම හේතුව නිසා තෙළඹුගහවත්ත ප්‍රාථමික විදුහලෙන්  මෙම වසරේ හය වන වසරට සමත්වූ සිසුන් සියයකට ආසන්න පිරිසකට කිසිදු පාසැලක් නොමැති තත්වයක්  උදාවී ඇති බවත් ඔවුහු කියති. මෙම දරුවන්ගේ වයසේ අනෙක් සිසුන් පාසැල් යමින් සිටියදී තම දරුවන් පමණක් මහ පාරේ බෝඩ් අල්ලා ගෙන සිටිමට සිදුවීම කණගාටුවක් බවක් ඔවුහු කියති.

තෙළඹූගහවත්ත ප්‍රාථමික විදුහල අස්හර් ජාතික පාසැලේ සිට  ඉතා කෙටි දුරක් තුල පිහිටා ඇති බවත් පෝෂක පාසැල් ලෙස නම් කර ඇති   සියලු පාසැල්වලට වඩා ළඟින්ම පිහිටි පාසැල තෙළඹුගහවත්ත ප්‍රාථමික විදුහල බවත්  මෙම විදුහලේ සිසුන් අකුරණ අස්හර් ජාතික පාසැලට ඇතුලත් කර නොගැනීම නිසා තම දරුවන්ට වෙනත් පාසැලක් නොමැති බවත් ඔවුහු කියති.

තම දරුවන්ට සිදුවන මෙම අසාධාරණයට වග කිව යුත් අංශවල අවධානය  යොමු  කරවීම සඳහා මෙම විරෝධතාවය පවත්වන බවත්  ඔවුහු කියති.

අකුරණ නගරයේ සිට කිලෝ මීටරයක් පමණ වන අකුරණ අස්හර් ජාතික පාසැල දක්වා විරෝධතා පුවරු රැගෙන දෙමාපියන්, සිසුන් මෙන්ම ප්‍ර දේශවාසින්ද එම විදුහල ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නියලුණහ. තම ගැටළු විසඳන තුරු මෙම  විරෝධතාවය අත් නොහරින බවත්  ඔවුහු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *