නිදහස් දින මධ්‍යම පළාත් සැමරුම් උළෙල මෙවර බෝගම්බරදී.. නදීක දයා බණ්ඩාර – මහනුවර

නිදහස් දින සැමරුම් මධ්‍යම පළාත් උත්සවය මෙවර බෝගම්බර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට පැවැත්වීමට නිදහස් දින සැමරුම් විශේෂ සාකච්ඡාවේදී තීරණය විය.

ඉකුත් වර්ෂවලදී එම සැමරුම් උත්සවය පල්ලකැලේ යුද හමුදා පරිශ්‍රය, හිදගල මහ විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මහනුවර දිස්ත්‍රික් උත්සවය සහ පළාත් උත්සවය වශයෙන් ඒකාබද්ධ කොට 78වන නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර පාසල් දරු දැරියන්ගේ ආචාර පෙළපාලී, තූර්යය වාදන සහ සංස්කෘතික අංගවලින් මෙම වැඩසටහන සමන්විතය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් දින සැමරුම් සාකච්ඡාව සඳහා ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,  යන මහත්ම මහත්මින්ම පළාත්  අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්ත‍මේන්තු හා අයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ නියෝජිතයින්, ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *