අද්ධ්‍යාත්මීක පියතුමෙකුට පහරදුන් උමතු පොලිස් 6ක් අත්අඩංගුවට! Breaking News!!

කොළඹ පදවියේ සේවය කරන ගම්පහා දිසාවේ කතෝලික පියතුමකෙුට ඊයේ පස්වරුවේදී කිරිදිවිට ප්රදේශයේදී සිදුකරනු ලැබූ පහරදීමකට අදාළව නම්වී ඇති පොලිස් නිළධාරින් 06 ‌දෙනෙකු මේ වන විටදී  අත්අඩංගුවට ‌ගෙන ඇත!

ඊයේ – ජනවාරි 24 දා, පස්වරු 7.00 ට පමණ දිප්පිටිගොඩ දේවස්ථානයෙ‌ේ දිව්‍ය පූජාව සිදුකර නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි පොලිස් නිළධාරීන් යැයි කියු පිරිසක් විසින් පියතුමාව නතරකර පහරදී ඇත. පහර දීමෙන් අනතුරුව පියතුමා රෝහල්ගතවී සිදුකළ පැමිණිල්ලකට අනුව, එකී පහරදීම සිදුකළ පොලිස් නිළධාරි්න් 06 දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුණි.

“මිනිස්සුන්ව චෙක් කරන්න පුලුවන්, ඒත් ඇයි ගහන්නේ ” යනුවෙන් රෝහලේ ර‌ෝදපුටුවක වාඩි ග‌ෙන සිටී පියතුමා  ප්රකාශකරන අපහැදිළි හඩ සහිත වීඩියෝවක සටහන් වී තිබුණි. පියතුමා මීගමුව රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වෙයි.

කොළඹ පදවියේ , ගම්පහ දිසාවේ “වරාගල වත්ත” නැමැති කොළඹ පදවියට අයත් වත්තක සහයක පරිපාලක වශයෙන් ගරු මිලාන් ප්රියදර්ශන පියතුමා කටයුතු කරමින් සිටියි.

– මෙලනි මානෙල් පෙරේරා

END/MMP/25012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *