හෙට සිට රට පුරා රෝහල්වල පැය 48ක සංකේත වැඩ වර්ජනයක් – හිරුණි ලක්ෂිකා

නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව හෙට (23) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා.

මෙම සංකේත වැඩ වර්ජනය රජය ලබාදුන් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට අසමත් වීමට එරෙහිව දියත් කරන අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක පළමු පියවර බවයි එම සංගමය අවධාරණය කරනු ලබන්නේ.

රෝගී සත්කාරක සේවා අවම කරමින් වර්ජනය ක්‍රියාත්මක වුවද, මානුෂීය හේතූන් මත, සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල් සහ පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ සියලුම හදිසි ප්‍රතිකාර සේවා වර්ජනයෙන් නිදහස් කර ඇති බවත් එම සංගමය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *