ලංකාවේ ආයෝජනය කරන ලෙස ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විදෙස් ඇමතිගෙන් ආරාධනයක්!
ලංකාවේ දේශපාලනික ස්ථාවරත්වය , ආර්ථිකයේ ශක්තිමත්භාවය දිනෙන් දින වැඩිවීමත් සමග ආයෝජකයන්ට රට පිළීබඳ විශ්වසනීයත්වයක් ඇති වී ඇති බවත් එම විශ්වාසය මත යුරෝපීය ආයෝජනයන් ලංකාවට පැමිණීම ආරම්භ වී ඇති බවත් විදේශ කටයුතු ,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) ලක්සම්බර්ග් ආයෝජනයක් යටතේ නැවත ආරම්භ කෙරෙන AUREUM හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙම හෝටල් සංකීර්ණය පසුගිය කාලයේ පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබු බව පවසන අමාත්‍යරයා ආර්ථික අර්බුදය සමග රටේ පැවති සමාජමය තත්වයන් මේ සඳහා බලපෑ බවද අමාත්‍යරවයා එහිදී සඳහන් කළේය.
මෙවැනි සංචාරක හෝටල් පසුගිය කාලයේ වැසී යාම ආරම්භ වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා රට නැවතත් ශක්තිමත් ගමනක් ආරම්භ කර ඇති බැවින් යහපත් අනාගතයක පෙර ලකුණු පෙන්වන බවත් වසා දමා තිබූ මෙම හෝටලය නව අයුරකින් ආරම්භ කිරීමට ලැබීම වත්තල ප්‍රදේශයේ ජනතාවට වාසි රැසක් අත්වන බවද හෙතෙම පැවසීය.
සංචාරක කර්මාන්තය පසුගිය වසර තුළ ඓතිහාසික ගමනක් ආරම්භ කළ බව පවසන අමාත්‍යවරයා පසුගිය වසර ලංකාවට වැඩිම සංචාරකයන් ගෙන්වූ වසරක් බවට පත්කිරීමට හැකි වූ බවත් ැමාත්යවරයා සඳහන් කළේය.මෙරට ස්වභාවික සෞන්දර්ය මෙන්ම ආගන්තුක සත්කාරය මෙන්ම රට තුළ ඇතිවී තිබෙන ස්ථාවරත්වය විවධ රටවලින් සංචාරකයන් මෙරටට පැමිණීමට හේතු වු බව අවධාරණය කළේය.
එසේම ලංකාවට පැමිණ ආයෝජනයන් ආරම්භ කරන ලෙස ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
