රජයේ විකිරණවේදීන් අද වැඩ වර්ජනයක – නිෂිකා හංසනී

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ සුදුසුකම් නොලත් පුද්ගලයෙකු විසින් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කරන බැවින් බලධාරීන් ඊට නිසි විසදුමක් ලබා දීමට කටයුතු කර නොමැති බව පවසමින්.

මේ අතර අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed