වතු කම්කරු දිරි දීමනා ගෙවීමේ නව ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය – නිෂිකා හංසනී
වතු කම්කරුවන්ට ගෙවීමට නියමිත රු:200 දෛනික පැමිණීමේ දිරි දීමනාව, ජනවාරි 1 සිට මාස 06 ක් වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, පසුව එය පෞද්ගලික ගිණුම් වෙත බැර කිරීම සඳහාත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබා දීමේ අරමුණින් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550/- දක්වා වැඩි කිරීමට සහ පැමිණිමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200-ක් ඔවුන්ට ගෙවීමට මුදල්, ජනාධිපතිතුමා විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී යෝජනා කරනු ලැබුවා.
ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කරනු ලැබුවා.
ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජික දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාල සීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බවත් සඳහන්.
ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාල සීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.
අනුව, එකී ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ දිරි දීමනාව වතු කම්කරුවන් වෙත ගෙවීම පිණිස කම්කරු අමාත්‍යතුමා; සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබුවා.
