මධුසමය ගත කිරීමට ලෝකයේ හොඳම ස්ථාන 25 අතර තැන් තුනක්ම ලංකාවේ – පහන් සිතුමිණ

‍2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවට අනුව මෙම ස්ථාන හිමිව ඇති බව සඳහන් වේ.

ඒ අනුව ලෝකයේ මධු සමය ගත කිරිමට හොඳම ස්ථාන අතර 5වන ස්ථානය ගාල්ල නගරයට හිමිව ඇත.

එම වාර්තාවේ 13වන ස්ථානයේ ඇල්ල නගරයට සහ 22 වන ස්ථානය තංගල්ල නගරයට හිමිව ඇති බව ද වාර්තා වේ.

මෙම වාර්තාවට අනුව ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථානය ලෙස ඉන්දුනීසියාවේ බාලි සැලකෙන අතර දෙවන ස්ථානය මුරුසිය වෙතත් තෙවන ස්ථානය මාලදිවයින වෙතත් හිමිව තිබේ.

පසුගිය වසරේ ලොව පුරා සිටින සංචාරකයින් ලබාදුන් තොරතුරු සහ අත්දැකීම් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *