පාසල් යළි හෙට ඇරඹේ – හිරුණි ලක්ෂිකා

උසස්පෙළ විභාගය හේතුවෙන් නිවාඩු ලබා දී තිබූ රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙනවා.

ඒ අනුව මේ වසරේ පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට ලබන මස 13 වැනි දින දක්වා පැවැත්වෙනු ඇති.

එමෙන්ම, පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් යළි නිවාඩු හිමිවන අතර පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 03 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *