දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළට – හිරුණි ලක්ෂිකා

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණත්වය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව, යාපනය, කෑගල්ල සහ ගාල්ල යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය සෞඛ්‍යයට අහිතකර මට්ටම් දක්වා පහත වැටී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ.

මීට අමතරව බදුල්ල, කොළොන්නාව, කෝට්ටේ, ගාල්ල, මන්නාරම, පුත්තලම, කොළඹ, අනුරාධපුර සහ මොණරාගල යන නගරවල වායු ගුණත්වය සුළු වශයෙන් අහිතකර මට්ටම දක්වා පැමිණ තිබෙනවා.

පවතින කාලගුණික තත්ත්වයන් සහ දේශසීමා හරහා වායු දූෂක අංශු වැඩි වශයෙන් පැමිණීම වායු ගුණත්වය පහත වැටීමට හේතුව බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *