කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක් – නිෂිකා හංසනී

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, මෙම නව තීරණය මේ වසරේ ජනවාරි මස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන්.

භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් EPS වෙබ් අඩවියට ඇතුළත් කිරිමට පෙර පළමු වරට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටිය යුතු අතර, ඉන් සමත්වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

වෙබ් අඩවියට ඇතුළත් කර පළමු වසර අවසානයේදී තවදුරටත් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින් යළිත් වෛද්‍ය පරීෂණයක් සඳහා මුහුණ දිය යුතු අතර, මේ නව තීරණය අනුව එසේ දෙවන වසර සඳහා වෛද්‍ය පරීක්ෂණය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන අතර, පළමු වෛද්‍ය පරීක්ෂණය සඳහා පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් වන බවට එම කාර්යාංශය සඳහන් කරන්නේ.

පරිපාලනමය කාර්යක්ෂමතාවය වැඩිකිරීමේ හා වෛද්‍ය පරීක්ෂණයන් වෙනුවෙන් රැකියා අපේක්ෂිතයින්ට වැය කිරිමට සිදුවන මුදල් ප්‍රමාණය අවම කිරීමේ පරමාර්ථයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *