‘Rebuilding Sri Lanka’ අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය විසින් රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මහජන බැංකු විශ්‍රාමික සංගමයේ 96ට පෙර කණ්ඩායමේ සාමාජිකයන් සහ දිස්ත්‍රික් සංවිධාන වශයෙන් මේ සඳහා දායකත්වය ලබාදී තිබේ.

ඊට අදාළ චෙක්පත මහජන බැංකු විශ්‍රාමික සංගමයේ සභාපති රේමන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පිරිනමනු ලැබීය.

ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මහජන බැංකු විශ්‍රාමික සංගමයේ ලේකම් ටී.ජී. විමලරත්න, උප සභාපති ජේ.පී. තිලකරත්න, ඇතුලු දිස්ත්‍රික් නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

END/GONP/MMP/19012026

 

 

 

 

o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed