ATR 42-500 වර්ගයේ ගුවන් යානය හමුවෙයි!
ATR 42-500 වර්ගයේ ගුවන් යානාවක් මේ මස 17 වන දා අතුරුදන් වූ අතර අතුරුදන් වන අවස්ථාවේ එම යානයේ පුද්ගලයින් 11 දෙනෙකු සිට තිබුණි. ඉන්දුනීසියාවේ මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදන්ව තිබුණි.
පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත.
යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානු බලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.
