තෛපොංගල් නිසා නැවැත්වූ නැගෙනහිර වෛද්‍ය වැඩවර්ජනය අද සිට යළිත් – හිරුණි ලක්ෂිකා
අක්කරෙපත්තුව මූලික රෝහලේ පැනනැගී ඇති පරිපාලනමය ගැටලුවකට විසඳුම් නොලැබීම හේතුවෙන්, අද (19) උදෑසන 08.00 සිට යළිත් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.
අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පාරදෘශ්‍ය විමර්ශනයක් සිදු කරන ලෙසත්, එම විමර්ශන කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා අදාළ නිලධාරියා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන ලෙසත් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
