2025 ජාතික ශිෂ්‍යභට බලකා ක්‍රීඩා උත්සවය අද සහ හෙට යාපනයේදී
2025 ජාතික ශිෂ්‍යභට බලකා ක්‍රීඩා උත්සවය අද(17) සහ හෙට(18) යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත් වෙයි
මෙම ක්‍රීඩා උත්සවය 2019 වසරෙන් පසුව පැවැත්වෙන පළමු අවස්ථාව වන අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණද, රට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එය 2026 ජනවාරි මාසයට කල් දැමීමට සිදු වූ බව ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක මහතා පවසයි
කොළඹින් පිටත මෙම ක්‍රීඩා උත්සවය පැවැත්වීම දරුවන්ට හොඳ අවස්ථාවක් වන අතර, විවිධත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මෙය මහත් උපකාරයක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
