Lanka Ride පාපැදි සවාරිය අද ඇරඹේ!

Lanka Ride පාපැදි සවාරිය අද (16) පෙ.ව 9.00ට ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත.

තරඟය අද (16) පෙ.ව 9.00ට  ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වී, නුවර ගන්නෝරුව බලා පිටත් වන අතර ගන්නෝරුවෙන් තරඟයේ පළමු දිනය අවසන් වේ.

17 වැනිදා පෙ.ව 9.00ට ගන්නෝරුවෙන් නැවත තරඟය ආරම්භ කර අනුරාධපුරය බලා ගමන් කිරීමට නියමිතය. නැවත, 18 වැනිදා කොළඹින් තරඟය අවසන් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම පාපැදි සවාරියට කණ්ඩායම් 27ක් සහභාගී වීමට නියමිත අතර කණ්ඩායම් කළමණාකරුවන්ට තරඟ නීතිරීති පැහැදිලි කර, අංක ලබාදීම පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

END/GONP/MMP/16012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *