හලාවත ඖෂධ හල් හිමියෙකුට වැඩ වැරදි -ජංගම දුරකතනයේ නිරුවත් වීඩියෝ
මත්පෙති හා මත් ද්‍රව්‍ය ලබා දී කාන්තාවන් නිරුවත් කර වීඩියෝ හා ජයාරූප ගත් ඖෂධ හල් හිමියෙකු හා ඔහුට සහය දැක්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත කොධ්ධාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ .
හලාවත නගරයට ආසන්න ගමක ඖෂධ හලක පුද්ගලයෙකු ඖෂධ හලේ මුවාවෙන් හා වෛද්‍යවරයෙකුගේ මුවාවෙන් සිදුකරන මහා පරිමාණ මත්පෙති හා මත්දර්ව්‍ය ජාවාරමක තොරතුරු හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා ට ලැබී තිබේ . ඒ අනුව මාස කීපයක සිට සිදුකල විමර්ශනයකින් පසු
පසුගිය 14 වැනි දින මෝටර් රථයකින් මත්පෙති හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .ඒ අවස්ථාවේ ඔවුන් සතුව මත්පෙති 671 හා හෙරොයින් මිලිග්‍රෑම් 11760 ක් තිබී ඇත . එම මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ පශු වෛද්‍යවරයෙකු ලෙස හුවා දැක්වීම සදහා ලාංඡනයක් අලවා තිබී ඇත .
මේ ඖෂධ හලෙන් පාසල් දරුවන්ටද මත් පෙති ලබා දී ඇති අතර ඒ සදහා එක පෙත්තකට රුපියල් දේශියක මුදලක් ලබා ගෙන ඇත . මේ ඖෂධ හලෙන් පිටතට මත පෙති ගෙන යාමට ඉඩ නොදෙන අතර එහිම
පානය කර යා යුතුය . ප්‍රධාන සැකකරුගේ දුරකථනය පරික්ෂා කිරීමේදී ලාබාල වයසේ පසුවන තරුණියන්ගේ නිරුවත් ජයාරූප හා වීඩියෝ විශාල ප්‍රමාණයක් ති ඇති අතර ඒවා පරික්ෂ කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම තරුණියන් මත් කර මේ ජයාරූප හා වීඩියෝ ලබා ගෙන ඇති බවයි . පොලිසිය සිදුකල සෝදිසි කිරීමේදී වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ වසර දෙකක පමණ කාලයක සිට ප්‍රධාන සැකකරු මේ ජවාරම සිදු කර ඇති බවයි .
අවස්ථා කීපයකදීම ප්‍රදේශයේ වැඩිහිටියන් මේ ඖෂධ හලට පැමිණ තම දරුවනට මත්පෙති ලබා නොදෙන ලෙසට ඖෂධ හල් හිමියට තර්ජනය කිරීම් පවා සිදු කර ඇත . එවැනි තර්ජනය කිරීම් කීපයක්ම ප්‍රධාන සැකකරු ඔහුගේ ජංගම දුරකථනය භාවිතා කරමින් වීඩියෝ ගත කර තිබිණි
ප්‍රධාන සැකකරුගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී මත්පෙති පොවා ඔහු විසින් අතවර කරන ලද කාන්තාවන් කීප දෙනෙකු පිලිබදව තොරතුරු ද පොලිසියට ලබා ගැනීමට හැකිව තිබෙනවා . ඔහු විසින් හලාවත ,මයික්කුලම , මාදම්පේ ,ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වල කාන්තාවනට මෙලෙස අතවර කර වීඩියෝ සහ ජයාරූප ගෙන ඇති බව සදහන් .
හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග මත හලාවත පොලිස් අධිකාරී එස් ඒ පි කේ දයානන්ද මෙහෙයවීම මත හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා මහතගේ අධීක්ෂණය මත හලාවත කොධ්ධාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් ජයරත්න ,පොලිස් සරයන්වරුන්වන 12845 සමන් ,61160 රාජපක්ෂ පොලිස් කොස්ත්ගපල්වරුන් වන 82069 සුමුදු , 84 288 මනුරන්ග යන නිලධාරීන් මේ වැටලීම සිදු කර තිබේ
