බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත් – හිරුණි ලක්ෂිකා

බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාත සඳහා ද හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට අදාළවයි දකුණු පළාත සඳහා වන මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දී ඇත්තේ.

බස් සංගම් නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා ගාල්ලේදී පැවති අතර එහිදී මෙම වැඩපිළිවෙළේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කර තිබුණා.

මීට පෙර බස්නාහිර සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *