කාන්තා කොමිසම ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තාවන් 135+ ක් ජනාධිපතිවරයාට ලියති!
Commission là gì
2026 ජනවාරි 13
අනුර කුමාර දිසානායක මහතා.
ගරු ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 1.
ගරු ජනාධිපතිතුමනි,
පහත අත්සන් කර ඇති අපි, හදිසි අවශ්‍යතාවයක් ලෙස මෙසේ ඔබ අමතමු.
පසුගිය මාස කීපය තුළ, කාන්තාවන්ට එරෙහි හිංසනය වැඩි වූ බවක්, ලංකාවේ ජීවත්වන විවිධ ජන කණ්ඩායම් සමග ක්‍රියාකාරීව වැඩ කරන, දේශපාලන ක්‍රියාකාරීන් වන අපේ අවධානයට ලක්වී ඇත. නිවසේදී, රාජකාරී ස්ථානයේ දී, පොදු ස්ථානවලදී මෙන්ම මාර්ගගත සන්නිවේදන ක්‍රම මගින් ද බාධාවකින් තොරව මෙය සිදුවේ. ඔබේ රජයේ අගමැතිතුමිය පවා ලිංගිකත්වය පදනම් වූ, මාර්ග ගත අපයෝජනයට හා හිංසනයට ලක්වී සිටී. මෑතකදී, ස්වස්ථිකා අරුලිංගම් ඇතුළු විවිධ කාන්තාවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ගේ ලිංගිකත්වය මත පදනම් වූ වාචික හිංසනයට ලක්විය.
ජාතික කාන්තා කමිටුවට, වෙනත් වගකීම් වලට අමතරව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන මෙවැනි සිද්ධීන් පිළිබඳව පැමිණිලි බාර ගැනීමට මෙන්ම ඒවා පිළිබඳව සොයා බැලීමට බලතල ඇති බැවින්, ඉහත කරුණු පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ඔබ විසින් මෑතකදී පත් කරන ලද ජාතික කාන්තා කමිටුව ඇමතීමට අපි උත්සාහ කළෙමු. කොමිසම හා සම්බන්ධ වීමේ කිසිම ක්‍රියාමාර්ගයක් සොයා ගැනීමට අප අපොහොසත් වූ අතර වැඩිදුර සොයා බැලීමේදී, ඉතාම විශ්වාසදායි ලෙස දැනගැනීමට ඇත්තේ, මෙම කොමිසම කඩදාසියකට පමණක් දැනට සීමා වී ඇති බවයි. කොමිසමට මූල්‍ය ප්‍රතිපාදන, කාර්යාලයක්, සේවකයින් හෝ ක්‍රියාකාරී වීමට අවශ්‍ය වෙනත් සම්පත් ලබාදීී නැත. අඩුම වශයෙන් එයට නිල මුද්‍රාවක්ද නැත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ, කොමිසමේ තොරතුරු ඉල්ලා එම්. ජුවේරියා විසින්, ඔබේ කාර්යාලයට ඉදිරිපත් කළ අයදුම්පත, ඔබගේ තොරතුරු නිලධාරියා විසින් කාන්තා කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇත. මේ මගින් ඔබගේ ලේකම් කාර්යාලය අපට පෙන්වා දෙන්නේ, ජාතික කාන්තා කොමිසම කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති බවයි. ජාතික කාන්තා කොමිසමේ ස්වාධීනත්වයට මෙන්ම අරමුණු, ඉලක්ක හා ක්‍රියාකාරීත්වයට ද මෙය පටහැනි බව අපි අවධාරණය කරමු.
ජාතික කාන්තා කොමිසම අපේ යුගයේ කාන්තාවන්ගේ අසීරු සටනක ප්‍රතිඵලයක් ලෙස ලැබුණකි. අදාල කමිටුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසා නොදීම මගින් කමිටුවේ ක්‍රියාකාරිත්වය අඩපණ කර, විධායක ජනාධිපතිවරයා ලෙස ඔබ ඔබට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති වගකීම පැහැර හැර ඇති බව අපි විශ්වාස කරමු. ඒ අනුව, හිංසාවට පත්වන අයට නීතිමය ආරක්ෂාවක් ලබාගත හැකි යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය නොදීමෙන්, අපේ සමාජයේ පැතිර යන ස්ත්‍රී ද්‍රෝහී සහ ලිංගිකත්වය පදනම් වූ හිංසන සංස්කෘතිය පවත්වාගෙන යාමට ඔබද දායක වන බව හා වගකිව යුතු බව අපගේ විශ්වාසයයි. කාන්තාවන්, ලිංගික හිංසනය අත්විඳින්නන් ලෙස අප ඔබගේ මෙම හෘද සාක්ෂියට එරෙහි ක්‍රියාව දෙස අවධානයෙන් බලා සිටිමු.
විධායක ජනාධිපතිවරයා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි, ජාතික කාන්තා කමිටුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය, මූල්‍ය ප්‍රතිපාදන, පහසුකම්, කාර්ය මණ්ඩලය සහ ස්වාධීන කාර්යාලයක් සපයන ලෙසයි. එසේම, මෙම කමිටුවට, කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් වියුක්තව ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දේශපාලනික හා මූල්‍යමය පසුබිම සකස් කරන ලෙසයි. මේ කටයුතු සඳහා කාල රාමුවක් ලබාදෙන ලෙසද, ජාතික කාන්තා කමිටුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීමට බලාපොරොත්තු වන දිනය අපට දැනුම් දෙන ලෙසද අපි ඔබෙන් තවදුරටත් ඉල්ලා සිටිමු.
මෙම ඉල්ලීම් වලට, ඔබේ ප්‍රතිචාරය ඉතාම ඉක්මනින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ස්තූතියි
අනුමත කිරීම්
පුද්ගලයන්
- Abdul Wahid Jeseela
- Ajitha A.
- Aliza Hussein
- Amalini De Sayrah
- Amani Raji
- Aneesa Firthous
- Angela Forman
- Angelica Chandrasekeran
- Anithra Varia
- Anjana Sivaharon
- Anomaa Rajakaruna
- Aqilah Nikhat Naleem
- Ashila Dandeniya
- B. Sangeetha
- Barathy Sivaraja
- Bisliya Bhutto
- C. Ranitha Gnanarajah, AAL
- C. Tozer
- Chanu Nimesha
- Chulani Kodikara
- Dhammika de Silva
- Dr Rajni Gamage
- Dr. Amali Wedagedara
- Dr. Misha’ari Weerabangsa
- Dr. Sakuntala Kadirgamar
- Duleeka Nonis
- E. A. Pathumika Thathsarani
- F. Sanoosiya
- Fairoos Ilma
- Fathima Amra
- Fathima Sumaiya Frahath
- Fawzul Himaya Hareed
- Fawzul Rifaya
- Fiyasa Muja
- Gameela Samarasinghe
- H.M. Chathurika Sewwandi, AAL
- Hemalatha K.
- Hemanthi Goonasekera
- Ishani Ranasinghe
- Ismayil Aaysha Banu
- Isuri Kumbukage
- Ithayarani Sithravel
- J. Sneha
- Jasintha Subasinghe
- Jeyarasa vergin subashini
- Joanne Senn
- Juwairiya Mohideen
- K. Mahaluxmy
- K. Mathana
- K. Puspavathy
- Kalani Subasinghe
- Kamala Vasuki
- Kanaka Abeygunawardana
- Kandiah Rasaledsumi
- Kandiah Rasaledsumi
- Kounthini R.
- Kuvenitha S.
- L. KASMY
- Laveena Hasanthi
- M. Fathima shammama
- M. Kiliyopedra
- M. L. Zahra
- M. Lasiya
- M. Nithurshini
- Manjula Moorthy
- Marisa de Silva
- Mariyarosari S.
- Melani Gunathilaka
- Melani Manel Perera
- Mohamed Majeed Jansila
- Mujeeba Mujeeb
- Muqaddasa Abdul Wahid
- Nabeela Iqbal
- Nadeesha Hanwella
- Nalini Ratnarajah
- Nehama Jayewardene
- Nilmini Nonis
- Nimanthi Fernando, AAL
- Nirmala M.
- Nirmala T.
- Niththika S.
- Nivanthini S.
- P. Brintha
- Padma Pushpakanthi
- Prof. Sumathy Sivamohan (Retired, University of Peradeniya)
- Prof. Vasuki Nesiah
- Puni Selvaratnam
- Queen Juliet Nalliah
- Rahman A.
- Rajany Rajeswary
- Raveendran V.
- Rosita Fernando
- S. Jegathes Wary
- S. Karthika
- S. Mohana Dharshiny
- S. Tamiliny
- S. Yasothara
- Safarij Bhutto
- Safiya Riyaz
- Sakina Mansoorally
- Samiha Mohamed Muhsin
- Sarankan K.
- Saththiyaseelan K.
- Saththiyavanie Simon Silva
- Shabnam Farwin
- Shamila Sheriff
- Shamini V.
- Shirani Cooray
- Sirany Thevakumar
- Sister Berni De Silva
- Sister Damitha De Silva
- Sister Deepa Fernando
- Sister Marian Evusta
- Sister Shandika Perera
- Sister Shiromi Fernando
- Siyana Niyas
- Souminy Perinparajah
- Subathra Yogasingham
- Suganthini S.
- Sujatha J.
- Sulochana Peiris
- Sumithra Sellathamby
- Swasthika Arulingam, AAL
- T. Fattima
- T. Mallika
- T. Shanthidevi
- Tehani Ariyaratne
- Tharushi Dishara Fernando, AAL
- Thasneema Dahlan
- Thassim Samima
- Thayalini J.
- Thiagi Piyadasa, AAL
- Thileepan S.
- Uma Shanika Pararajasingam
- Vanie Simons
- Venuja. Konsan Robert
- Vimukthi Desilva
- Visakha Tillekeratne
Organisations
- Islamic Women’s Association for Research and Empowerment (IWARE)
- Mannar Women’s Development Federation
- Movement of Christian Women’s Voice (MoCWV)
- Muslim Women’s Development Trust (MWDT)
- Puttalam District Women’s Self Employment and Coexistence Forum
- Sisterhood Initiative
- Standup Movement Lanka
- Thean Aruvi Women’s Center
- Tholamai.V
- Vallamai Movement for Social Change
