තෛපොංගල් උත්සවය අදයි – නිෂිකා හංසනී
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතව තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන හින්දු බැතිමතුන් මහත් හරසරින් මෙය සමරනු ලබනවා .
සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීම තෛපොංගල් උත්සවයේ අරමුණයි.
කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන මෙම උත්සවයෙන් තමන්ට උපකාර කළ හිරු, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.
මෙම උත්සවයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කිරි සහ සහල් පිසීමයි.
