ඉන්ධන සැඟවූ බේරුවල ප්‍රදේශයේ පිරවුම්හලක් වටලයි – පහන් සිතුමිණ

ඉන්ධන නොමැති බව පවසා වැඩි මිලට ඉන්ධන අලෙවි කළ බේරුවල ප්‍රදේශයේ පිරවුම්හලක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත්ව තිබේ.

රාත්‍රී කාලයේදී වාහන හිමියන් අසීරුතාවට පත් කරමින් 92 ප්‍රෙටල් නොමැති බව පවසා දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් විසින් යුරෝ 3 පෙට්‍රල් අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත තොරතුරු ලැබී තිබුණි.

එම තොරතුරු අනුව ක්‍රියාත්මක වූ කළුතර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රීයේ බේරුවල ප්‍රදේශයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හලක් මෙලෙස හදිසියේ වටලා තිබේ.

එහිදී පාරිභෝගිකයින්ට ලබා නොදී සඟවා තබාගෙන තිබූ 92 පෙට්‍රල් ලීටර් 6,400කට ආසන්න තොගයක් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම මෙහිදී රාත්‍රී කාලයේදී 92 පෙට්‍රල් නොමැති බව පවසා යුරෝ 3 අලෙවි කරන ලෙස අදාළ සමාගමේ නිලධාරී විසින්ම උපදෙස් ලබා දී ඇති බවට පිරවුම්හල් පාර්ශ්වය විසින් මෙහිදී අනාවරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර මේ වන විට අදාළ ඉන්ධන තොගය නිලධාරීන් භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර සැකකරුවන්ට එරෙහිව හෙට (15) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed