අත් වැරදීමකින් බිළිඳෙකුගේ පෙකණි වැල වෙනුවට ඇඟිල්ල කපලා – හිරුණි ලක්ෂිකා

චීනයේ රෝහලකදී සීසර් සැත්කමකින් පසු බිළිඳෙකුගේ පෙකණි වැල කපන අවස්ථාවේදී වින්නඹු මාතාවකගේ අතින් අත්වැරදීමකින් බිළිඳාගේ ඇඟිල්ලක් කැපී ගොස් තිබෙනවා.

නැගෙනහිර චීනයේ ජියැංසු ප්‍රාන්තයේ රෝහලකදී පසුගිය දෙසැම්බර් 25 වනදා මෙම සිදුවීම සිදුව තිබෙනවා.

බිළිඳාගේ පියා පවසන්නේ දරුවා උපත ලබා පැය දෙකකට පසු තම දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් කැපී ඇති බව රෝහලෙන් දැනුම් දුන් බවයි.

පෙකණි වැල කපන අවස්ථාවේදී බිළිඳාගේ ඇඟිල්ල හදිසියේ චලනය වීම නිසා මෙම වැරැද්ද සිදුවූ බවයි රෝහල් බලධාරීන් පවසා තිබෙන්නේ.

පසුව සැතපුම් 300ක් පමණ ඈතින් පිහිටි වෙනත් රෝහලකට බිළිඳා රැගෙන ගොස් කැපී ගිය ඇඟිල්ල යළි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කර තිබෙනවා.

රෝහල මේ සම්බන්ධයෙන් පවුලේ අයගෙන් සමාව අයැද ඇති අතර වන්දි මුදලක් ගෙවීමට ද එකඟ වී තිබෙනවා.

අදාළ වින්නඹු මාතාවගේ සේවය ද අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed