සියල්ල අඩපන කරන්නද යන්නේ – රජිත් ආණ්ඩුවෙන් අසයි

තොරතුරු කොමිසම අඩපන කරලා,  විගණකාධිපති කෙනෙක් පත් කරන්නේ නැති රටක ‘නීතිපති’ට මඩ ගහලා රාජ්‍ය යාන්ත්‍රණයේ ‘තුලන හා සංවරණ ක්‍රියාවලිය අඩපන කරන්න ආන්ඩුව කටයුතු කරනවා’ යැයි හිටපු ආන්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අද කොළඹ නිපෝන් හෝටලයේ පැවති ‘ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව’ සංවිධානය කළ  පුවත්පත් සාකච්ඡාවක් අමතමින් තෙන්නකෝන්  පැවසූවේ ආණ්ඩුව ඉස්සර වෙලාම තොරතුරු කොමිසමට මුදල්, සම්පත් දෙන්නේ නැතුව අකර්මන්‍ය කළා. ජනාධිපති කාර්යාලයට ‘තොරතුරු පනතට’ අනුව තොරතුරු නිදහස් කරන්නේ නැතුව තොරතුරු පනත විනාශ කරන්න හදනවා.  දැන් තොරතුරු කොමිසමේ හිටපු දක්ෂ කීර්තිමත් කොමසාරිස්වරයෙකු වෙච්ච ජගත් ලියනාරච්චි මහතා තමන්ගේ ධූර කාලයෙන් මාස 11 ක් තිබිය දී ඉල්ලා අස්වී තිබෙනවා.

අද රටේ විගණකාධිපතිවයෙක් නෑ. රටේ විගණන ක්‍රියාවලිය මාස ගණනාවක් ක්‍රමිකව අකර්මන්‍ය වෙමින් තියෙනවා. විගණන ක්‍රියාවලියක් නැතිවීම රාජ්‍ය සේවයේ බොහෝ දුෂණ අක්‍රමිකතා සඳහා හේතු වී තිබෙනවා. 

ඉතිහාසයේ පළමුවරට ‘නිතිපතිවරයා ඉවත් කිරීමට බලපෑම් එල්ල වෙනවා. එය මෙහෙයවන්නේ විදේශගතව සිටින විශ්‍රාමික මාධ්‍යවේදියෙක්.  ආණ්ඩුවේ වීරප්පන් බලකාය, මන්ත්‍රීවරු පවා ‘නීතිපතිට’ මඩ ගහනවා.

නීතිපති කියන්නේ ‘රජයේ නීතිඥවරයා’.  ඔහු නඩු පවරන්නේ දිනන්න මිසක් පරදින්න නෙවෙයි.  ඔහුට බෑ ආණ්ඩුවේ මඩ බලකායට වගේ කාඩර්ලා සතුටු කරන්න නඩු දාන්න. කනිෂ්ඨ නීතිඥවරුන්ට ‘අධිචෝදනා’ දෙන්න බෑ. නීතිපතිට මඩ ගහන්නේ තමන්ගේ කුඨ අභිප්‍රායන් ඉටු කර ගන්න .

තොරතුරු කොමිසමක් නැතුව, විගණකාධිපති නැති රටක ‘නීතිපති’ට මඩ ගහලා රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන්න ඕනි තුලන හා සංවරණ ක්‍රියාවලිය අඩපන කරන්න ආන්ඩුව කටයුතු කරනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed