රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත්වේ – නිෂිකා හංසනී

රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන වාර්ෂික උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මෙම තීරණය 2026 ජනවාරි 12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ අතර, එය 2026.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනවා.

ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13:2 වගන්තිය සංශෝධනය කරමින්, නිලධාරියෙකුගේ කැමැත්ත පරිදි ඕනෑම එක් වාර්ෂික උත්සවයක් සඳහා ලබාගත හැකි අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා ඉහළ නංවනු ලැබුවා. මෙම උත්සව අත්තිකාරම් මුදල පොලී රහිතවයි ලබාදෙනු ලබන්නේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *