නාමල් ලිමිණි බුද්ධගයාවේ – හිරුණි ලක්ෂිකා
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්, ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කළා.
බුද්ධගයා විහාර ලේකම් ආචාර්‍ය මහාශ්වේත මහාරතී, ඇතුළු එහි කළමනාකාරණ කමිටුවේ බුද්ධරතන ස්වාමීන් වහන්සේ, ධම්මිස්සර ස්වාමින් වහන්සේ, කෞඩින්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ද මෙහිදී නාමල් රාජපක්ෂට හිමිවුණා..
එසේ ම අනගාරික ධර්මපාලතුමා විසින් වර්ෂ 1891දී ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත යාමට ද නාමල් රාජපක්ෂ අමතක කළේ නැහැ.
එහි දී බුද්ධගයා මධ්‍යස්ථානයේ පූජ්‍ය කටකඳුරේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුල්දෙනියවල සුසීල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ඥාණරතන ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය වගීස ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේ මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත්තා.
මේ අවස්ථාවට නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ ද සහභාගි වුණා.
