දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටී 22ක් මරුට – පහන් සිතුමිණ

තායිලන්තයේ අගනුවර සිට එරට ඊසානදිග ප්‍රදේශය බලා ධාවනය වූ දුම්රියක් මතට ඉදිකිරීම් දොඹකරයක් කඩාවැටීම හේතුවෙන් ඊයේ එම දුම්රිය පීලි පැනීමකට ලක්වී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ බැංකොක් නුවර සිට කිලෝමීටර 230ක් (සැතපුම් 143ක්) ඊසාන දෙසින් පිහිටි නකොන් රැචසිමා පළාතේ සිඛියෝ දිස්ත්‍රික්කයේදීයි.

අනතුරට පත්වන අවස්ථාවේදී දුම්රිය උබොන් රචතානි ප්‍රදේශය බලා ගමන් කරමින් තිබුණා.

අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක වැඩ කරමින් තිබූ දොඹකරයක් මෙලෙස ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය පීලි පැන කෙටි වෙලාවක් ගින්නක් ද හටගැනුණා.

දැනට එම ගින්න නිවා දමා ඇති අතර සහන සේවා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *