”ව්‍යසනය ඇඟ බේරාගැනීමේ ආවරණයක් කරගන්නේ නෑ ” ජනාධිපති – නිෂිකා හංසනී
දිට්වා සුළු කුණාටුවත් සමඟ අහිතකර විවේචනයන් ගොඩනැගෙමින් තිබූ මොහොතක ජනතාව ඒ කිසිවකට ඇහුම්කන් නොදී රජය තුළ තැබූ විශ්වාසය නිර්භීත පියවරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (13) පැවති රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA ‘ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”අපි බලය අරගෙන ඒකට සැලසුම් කරමින් සහ සමහර ක්ෂේත්රවල සැලකිය යුතු ජයග්රහණණ අත්පත් කරගෙන තිබුණා. මම ගොඩක් පැහැදිලි කරන්නෑ. බොහෝ පැතිවලින් ගත්තහම 2025 වසර අපේ රට බොහෝ හැරවුම් ගෙන දීපු වසරක්. නීතියේ ආධිපත්‍ය තහවුරු කළා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරා . ආර්ථිකය පරිවර්තනයක් ඇති කරා. අධ්‍යාපනය පරිවර්තනයක් ඇති කළා. ඒක මං පසු දවසක වැඩිදුර පැහැදිලි කරන්නම්. මෙවැනි මහා පරිවර්තන යුගයකට පියවරමින් තබමින් සිටි මොහොතක තමයි අපිට මේ ව්‍යසනයට මුහුණ පෑමට සිද්ධ වුණේ ඒ නිසා බොහෝ අය අපේක්ෂා කළා මේ ව්‍යසනය විසින් අප සකස් කොට තිබෙන න්යායපත්රය අවුල් කරාවිද කියලා. එහෙම විශ්වාස කළා. ඒත් අපිට ස්ථිර අධිෂ්ඨානයක් තිබුණා නෑ, අප සකස් කරගෙන තිබුණු න්‍යාය පත්‍රය තිරසාර අපේ අනාගතය ගොඩනැගෙන ව්‍යාපෘතියක්. ඒ නිසා කුමන ව්‍යසනයක් හමුවේ හෝ අප සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය හකුළුවන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨානයකට ආවා. ඒක වැදගත්.
එහෙම නැත්නම් අපිට මේ ව්‍යසනය මත තබලා බොහෝ දේවල් ව්‍යසනයට හේතු කරලා අපට ඇඟ බේරා ගැනීමේ හැකියාවක් තිබුණා. අපිට කිසිම අවශ්‍යතාවයක් තිබුණෙ නැහැ මේ ව්‍යසනය අපි සකස් කොට තිබෙන වැඩපිළිවෙළ ආපසු හරවන්න හෝ ඒ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කර ගැනීම සඳහා මේක අපි ආවරණයක් බවට පත්කරන්නෑ කියන ස්ථාවරයකට ආවා. මේ ව්‍යසනය එන වෙලාවෙ පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය සාකච්ඡා කරමින් තිබුණු මොහොතක් . බොහෝ අය යෝජනා කළා අයවැය ලේඛනය අත්හිටුවලා අන්තර් කාලීන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න. මේ ව්‍යසනය කේන්ද්‍රකරගත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. සමහරු ඉදිරිපත් කළ අයවැය ලේඛනය මුළුමනින්ම වෙනස් කරලා මේ ව්‍යසනයට අනුරූප වන පරිදි අයවැය ලේඛන ඉදිරිපත් කරන්න කියලා. අපි එහෙම කළේ නෑ.
අපි එහෙම නොකරන්නේ අයවැය ලේඛනයෙන් අපේ රට අපේ ආර්ථිකය, අපේ ජනතාවගේ ජන ජීවිතනය ඉදිරියට ගෙනයාම සඳහා දැක්මත් සහිත අයවැය ලේඛනයක්. ඒ නිසා අපි පොර බදන්නේ කොතනටද අපි පොර බදන්නේ එම සකස් කරන ලද තියෙන ලද න්‍යාය පත්‍රය වැඩපිළිවෙළ අකුළුවන්නේ නැතුව ආපස්සට ගන්නේ නැතුව ව්‍යසනයට මුහුණ දෙන්නේ කොහොමද ඒක තමයි අපේ න්යායපත්ර වුණේ. ඒ නිසා දෙසැම්බර් මාසේ පස්වෙනිදා අප පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද අයවැය ලේඛනය මේ සුළි කුණාටුව ඒමට පෙර අප සකස් කරන ලද අයවැය ලේඛනයමයි. ඒක වැදගත්. මොකද අයවැය ලේඛනය හුදු එහෙම සිදුවීම්වලින් ආපසු ගතයුතු යැයි අපි විශ්වාස කළේ නැහැ . ”
