ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දැක්වීම මාර්තු මාසයේදී

ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කෙරෙමින් පවතින බවත් එය මෙම වසරේ මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත් නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මේ සඳහා ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් යෝජනා මෙන්ම විවිධ සංවිධාන සහ අමාාත්‍යංශ ලේකම්වරුනගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

විවිධ අවස්ථාවන්වල ජාතික නිවාස ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා එම කරුණු ද පදනම් කර ගනිමින් අනාගතය වෙනුවෙන් සැළසුම්සහගත ප්‍රතිපත්තියක් එළි දැක්වීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසීය.

END/GONP/MMP/13012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *