පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම ජනවාරි අග – හිරුණි ලක්ෂිකා

රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මේ මාසයේදී සිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී ඇති බව සඳහන්.

එම නිල ඇඳුම් ප්‍රදානය නිල වශයෙන් භාර ගැනීම හෙට දින (13) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා 4,418404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබන අතර මේ මස19 වැනි දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *