ප්‍රජා සංවර්ධන සභා නියෝජිත්යන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරන්භක උළෙල ජනවාරි 13 අරලියගහ මන්දිරයේදී

ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක උළෙල හෙට (13) පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,008ක ස්ථාපිත කර ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රජා සංවර්ධන සභා වල සභාපතිවරුන් සහ ලේකම්වරුන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන් කුමානායක මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා ඇතුළු බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික් ලේකම්වරු, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සහභාගිවීමට නියමිතය.

END/GONP/MMP/12012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed