ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවන විස්සයි20 තරගය අද – හිරුණි ලක්ෂිකා

සංචාකර පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (11) රාත්‍රියේ පැවැත්වේ.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනේ පාකිස්තානයයි.

දෙරට අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණි.

වර්ෂාව හේතුවෙන් දෙවන තරගය අතහැර දැමීමට සිදුවූ අතර ඒ අනුව මේ වන විට තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි.

වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු  ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන 20-20 තරගයේ ප්‍රවේශත් මිලදී ගත්  ප්‍රේක්ෂකයින්ට අද දඹුල්ලේදී පැවැත්වෙන 3 වැනි 20-20 තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දෙවන තරගය සඳහා මිලදී ගත් ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කර නව ප්‍රවේශපතක් ලබාගැනීමෙන් එම අවස්ථාව ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අද පෙරවරු 9 සිට පස්වරු 5.00 දක්වා දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුවෙන් අදාළ ටිකට්පත් ලබාගැනීමට හැකියාව පවතී.

මෙම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුය.

ශ්‍රි ලංකා – පාකිස්තාන 3 වැනි අවසන් පන්දුවාර 20-20 තරගය අද රාත්‍රී 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed