මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී
මන්නාරම බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනේ කාලගුණයට එම පද්ධතියෙන් ඇතිවන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ.
කෙසේවෙතත්, මෙම පද්ධතියේ ඉතිරි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම් දෙයි. එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ අතර, කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම ඉවත් කර ඇත.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දිශාවට හමා එන අතර, වේගය පැයට කිලෝමීටර් 30–40 අතර වන බවද, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50–55 දක්වා ඉහළ යා හැකි බවද නිවේදනයේ සඳහන් වේ.
END/GONP/MMP/11012026
