මධ්‍යම කඳුකරයට ඝණ මීදුම් තත්ත්වයක් : රියදුරන්ට විශේෂ දැනුම්දීමක් – හිරුණි ලක්ෂිකා

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක කලාපවලට අද (10) දින දැඩි ඝණ මීදුම් තත්ත්වයක් පතිත වී ඇති බව අප වාර්තාකරු පවසනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ යන ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ග රැසක මෙම මීදුම් තත්ත්වය ව්‍යාප්තව පවතින බවත්, මාර්ගයේ ඉදිරිය පෙනෙන දුර සීමා වීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, අදාළ මාර්ගවල ධාවනය කරන රථවාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු (Headlights) දල්වාගෙන, ඉතා සෙමින් සහ සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *