නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දෙවන සහ තෙවන වාරවලට අදාළ මොඩියුල සඳහා කිසිදු වෙබ් සබැඳියක් ඇතුළත් නොකරන ලෙසට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය නියෝග කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, විපක්ෂ නායකවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.