නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට යාමේදී Seaplane යානයක් අනතුරට පත්වෙයි – පහන් සිතුමිණ
පෞද්ගලික සමාගමකට අයත් ජලතර ගුවන්යානයක් (Seaplane) නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩබැස්සවීමට යාමේදී අනතුරට ලක්ව තිබෙනවා.
සංචාරකයින් පිරිසක් රැගෙන ඒම සඳහා යානය මෙලෙස ගොඩබස්වා ඇති අතර, පැවති අධික සුළං හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ.
අනතුරින් පසු එහි නියමුවන් දෙදෙනා බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.
