ශ්‍රි ලංකා රජය වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්වේ

වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු ,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බලය යෙදවීම තහනම් කිරීම,මැදිහත් නොවීම,ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර , තත්ත්වය උත්සන්න විම අවම කිරීම සහ සංවාද තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුකත්වය ලබා දෙන ලෙසද ශ්‍රි ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ.

තවද මෙම තීරණාත්මක අවස්ථාවේදී , එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ,වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව,යහ පැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් , සාමකාමී විසඳුමක් ළගා කර ගැනීම උදෙසා කටයුතු කිරීම වැදගත් බවද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

END/GONP/MMP/06012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed