නිකොලස් මදුරෝ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරයි!

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝර්ක් අධිකරණය හමුවට පමුණුවා ඇති අතර,  තමා අවංක හා නිවැරදි පුද්ගලයෙකු බව ඔහු පවසා ඇත.
මේ වන විට තමා පැහැරගත් ජනාධිපතිවරයෙකු මෙන්ම, යුද සිරකරුවෙකු බවට පත්ව ඇති බවත්, තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්රතික්ෂේප කරන බවත් ඔහු ප්රකාශ කොට තිබෙනවා.
පසුගිය සෙනසුරාදා කැරකස් නුවර පිහිටි ඔහුගේ නිවසේදී සිදුකළ අතිශය රහසිගත ඇමරිකානු හමුදා මෙහෙයුමකින් පසුව, නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන ඊයේ නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
වසර 25කට අධික කාලයක් පුරා ක්රියාත්මක වූ බව කියන මහා පරිමාණ මත්ද්රවය ජාවාරම් සහ ත්රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ කුමන්ත්රණ චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.
අධිකරණය හමුවේ අදහස් දැක්වූ 63 හැවිරිදි මදුරෝ නිල් සහ තැඹිලි පැහැති බන්ධනාගාර ඇඳුමෙන් සැරසී සිටි අතර, පරිවර්තකයෙකුගේ සහාය ඇතිව නඩු විභාගයට පෙනී සිටියා.
ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඇය විසින්ද ඔවුන් වෙත එල්ල කර ඇති සියලු චෝදනා ප්රතික්ෂේප කිරීම සිදු කරනු ලැබුවා.
ඇමරිකානු රජය චෝදනා කරන්නේ මදුරෝ සහ ඔහුගේ පවුලේ පිරිස සිය දේශපාලන බලය අවභාවිත කරමින්, කොලොම්බියාවේ සහ මෙක්සිකෝවේ මත්ද්රව්ය කල්ලිවලට අනුබල දුන් බවයි.
එමෙන්ම නීති විරෝධී අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. මදුරෝගේ නීතිඥයින් තර්ක කරන්නේ ස්වෛරී රටක නායකයෙකු බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම ජාත්යන්තර නීතියට පටහැනි බවයි.
END/Rupavahini/MMP/06012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed