‘Rebuilding Sri Lanka’ අරමුදලට Chartered Accountants of Sri Lanka වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍යමය පරිත්‍යාගයක්!
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින ‘Rebuilding Sri Lanka’ අරමුදලට, Chartered Accountants of Sri Lanka වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.
ඊට අදාළ චෙක්පත, Chartered Accountants of Sri Lanka හි සභාපති තිෂාන් සුබසිංහ, උප සභාපති අනෝජි ද සිල්වා, හිටපු සභාපති හේෂණ කුරුප්පු සහ ප්‍රධාන විධායක නිලධාරි ලක්මාලි ප්‍රියංගිකා යන මහත්ම මහත්මීන් විසින්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා භාර දෙනු ලැබීය.
මෙම අවස්ථාවට, වෙළඳ නාම හා ආයතනික සන්නිවේදන ප්‍රධානී උදාර ජයසිංහ මහතා ද එක්ව සිටියේය.
