විදුලිය උත්පාදනය කරන ජලාශ 10ක් තත්ත්ව පරීක්ෂාවකට – නිෂිකා හංසනී

මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මහා පරිමාණ සහ කුඩා පරිමාණ විදුලිය උත්පාදනය කරන ජලාශයන්හි තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි මහවැලි අධිකාරියය පවසනවා.

ඒ අනුව විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ 10ක් ඇතුළුව මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ජලාශ 20ක් සම්බන්ධයෙන් මෙම තත්ත්ව පරීක්ෂාව සිදු කරන බවයි මහවැලි අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස සඳහන් කළේ.

 

මෙහිදී වික්ටෝරියා, කොත්මලේ, රන්ටැඹේ, රන්දෙණිගල, දඹුලු ඔය, මොරගහකන්ද, පොල්ගොල්ල, උඩවලව, බෝව තැන්න, මාදුරු ඔය යන ජලාශ මේ වනවිට ජල විදුලි උත්පාදනය කිරීම සඳහා දායකත්වය සපයනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමග එක්ව මෙම තත්ත්ව පරික්ෂාව සිදු කරන අතර මෙහිදී අවදානම් තත්ත්වයේ යැයි හඳුනාගනු ලබන ජලාශ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කෙරෙනු ඇත.

මෙහිදී කොත්මලේ සහ උමා ඔය ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර එම ජලාශ පිළිබඳව පසුගිය විශ්ලේෂණ වාර්තා දත්තයන් පදනම් කරගෙන වැඩි අවධානයක් යොමු කෙරෙන බව ප්‍රධාන ඉංජිනේරුවරායා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *