FACETS Sri Lanka – 2026″ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඇරඹේ
FACETS Sri Lanka – 2026″ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ආරම්භ කෙරිණි.
මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කර ඇත.
“FACETS Sri Lanka – 2026” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ (03) සිට 05 දා දක්වා දින 03ක් පැවැත්වේ.
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka’ මෙවර 32 වන වරට පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශණයේ ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා ගැණුම්කරුවන් හා අපනයනකරුවන් සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු රටවල් රැසක ගැණුම්කරුවන්ද දේශීය මැණික් ගැණුම්කරුවන් ද රැසක් ප්‍රදර්ශණයට එක්වී සිටියහ.
