දියේ ගිලී පුද්ගලයෙකු මියයයි – නිෂිකා හංසනී

නොච්චියාගම පොලිස් වසමේ සීරම්බාගම වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් පසු නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව නොච්චියාගම පොලිසිය පවසනවා.

ඉකුත් 03 වන දින රාත්‍රී කාලයේ පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙහි විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු‍ 67 ක් වූ 38 කණුව, මහබුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *