සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු රැස්වේ

පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  පරිසර සභාව වසර දෙකකට පසු ඊයේ (2) රැස් විය.

මෙම පළමු පරිසර සභාවේ ආරාධිතයෝ ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි , නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි,අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල, සභාපති සමන්ත ගුණසේකර, සාමාන්‍යාධිකාරි ජගත් ගුණවර්ධන  ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව මෙහි ඉදිරි සභාවන් රැස්වෙන අතර 2023 වසරෙන් පසු පළමු වරට මෙම වසරේ සභාව රැස්වීය.

සමුද්‍රීය පරිසරයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය, සමුද්‍ර දූෂණය වැළැක්වීම සදහා වන අදාළ උපදේශනයන්, ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක පිහිටා ඇති ලංකාවට අයත් සාගර කලාපය හරහා සිදුවන මෙහෙයුම් කටයුතුවල තත්වයන් සහ එම මෙහෙයුම් මගින් ඇතිවන දූෂණයන් ආදී කටයුතු පිළිබඳ උපදේශනයන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබාදීමේ ප්‍රමුඛ කාර්යක් ලෙස මෙම සභාව ඉදිරියේ දී කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය දූෂණයෙන් තොරව පවත්වා ගැනීම සහ එහි ස්වභාවික සම්පත් සංරක්ෂණය වෙනුවෙන් උපදෙස් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා මෙම සභාව යළි සක්‍රීය වීම, මෙරට නිල් ආර්ථිකය (Blue Economy) ශක්තිමත් කිරීමටද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

END/GONP/MMP/03012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed